egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

පාසල් වැඩමුළු

"ජනමාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය” පිළිබඳ පාසල් වැඩමුළුව 2019 පෙබරවාරි 25

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ 2019 වර්ෂය සඳහා වූ ප්‍රථම පාසල් වැඩමුළුව කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (2019.02.25) වන දින පැවැත්විණි.

ජනමාධ්‍ය සාක්ෂරතාවය හා රසවින්දනය” පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා අදාල කලාපය නියෝජනය කරමින් සිසුන් 350 කට ආසන්න ප්‍රමාණයක් සභභාගී විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ෂන මාපා පතිරගේ මහතා හා විශාරද ජගත් වික්‍රමසිංහ මහතා යන විද්වතුන් සම්පත් දායකයින් ලෙස සහභාගී විය. මෙම වැඩමුළුව දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.

ශ්‍රී්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධ්නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව්.වී.ඩී. රංජිත් මහතා, ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, සහකාර පුවත්පත් කෙමසාරිස් අයේෂ් විජයසිංහ මහතා හා අවට පාසල්වල විෂයභාර ගුරුභවතුන් හා ජනමාධ්‍යවේදීන් පිරිසක් මේ සඳහා සහභාගි විය.

වැඩමුළුව අවසානයේ සියළුම සිසුන් වෙනුවෙන් සහතික පත්‍රයක් හා ඔවුන් නියෝජනය කළ පාසල් වල පුස්තකාල වෙනුවෙන් වටිනා ප්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කරන ලදි.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271