egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

පාඨමාලා සහ සම්මන්ත්‍රණ

පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

සන්නිවේදන විෂය පිළිබඳව විවිධ පාඨමාලා ආරම්භකර තිබුණ ද, පුවත්පත් කලාව පදනම් කරගත් විධිමත් වු ඩිප්ලෝමා පාඨමාලාවක අවශ්‍යතාවය මණ්ඩලය විසින් හඳුනාගෙනල මෙම ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කර ඇත. වෘත්තීය මාධ්‍යවේදීන් හා ආධුනික මාධ්‍යවේදීන් සඳහා එක් අවුරුදු පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව පවත්වනු ලබන අතර යුනෙස්කෝ සංවිධානය මඟින් හඳුන්වා දෙන ලද පුවත්පත් කලා පුහුණුව පිළිබඳ ලේඛනය පදනම්කර මෙහි විෂය නිර්දේශය සකසා ඇත.

ඒ අනුව මේ වන විට මෙම පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ අධ්‍යයන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ඕනෑම අයැදුම්කරුවෙකුටම ඉදිරිපත් විය හැකිය.

අයදුම්කරුවන් අ.පො.ස.උ.පෙළ විභාගයෙන් විෂයන් තුනකින් සමන්විත වි තිබිය යුතු අතර මාධ්‍යෙවිදීන් සඳහා අ.පො.ස. සා.පෙළ සමත් වීම හා වසර තුනක පලපුරුද්ද ද ප‍්‍රමාණවත් වේ.

විමසීම්

දිල්හානි විජේරත්න මිය
පාඨමාලා සම්බන්ධීකාරක 

සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
පාඨමාලා අධ්‍යක්ෂ

අයදුම්පත් එවිය යුතු ලිපිනය
පුවත්පත් කොමසාරිස්
ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 155/15,
කාසල් වීදිය, කොළඹ 08.
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271

පුවත්පත් කලාව පිළිබඳ සහතිකපත් පාඨමාලාව

සන්නිවේදන විෂය පිළිබඳව වර්තමානය වනවිට දීවයින පුරා විවිධ මට්ටමින් පාඨමාලා ආරම්භකර තිබේ. නමුත් පුවත්පත් කලාව පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුමට අදාළ ක්ෂේත්‍ර ආවරණය කරමින් ඉතා උසස් මට්ටමේ ආයතනික පිළිගැනීමක් ද සහිත අධ්‍යන පාඨමාලාවක් පිරිනැමීමේ අවශ්‍යතාවය මණ්ඩලය විසින් හදුනාගෙන ඇත. මෙම පාඨමාලාව ජනමාධ්‍යවේදය පිලිබද ප්‍රයෝගික පැතිකඩ සහ ඒ පිලිබඳ ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරනු ලැබේ.

පුවත්පත් කලාව හා මාධ්‍ය අධ්‍යනය විෂයක් ලෙස හදාරන්නන්ගේ දැනුම,අවබෝධය හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පාඨමාලාව දියත් කෙරේ. විශේෂයෙන්ම මෙම සය මාසික පාඨමාලාව ආධුනික ජනමාධ්‍යවේදීන් , මාධ්‍ය අධ්‍යනය විෂයක් ලෙස හදාරන විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්, අ.පො.ස උසස් පෙළ විභාගය සදහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයක් ලෙස හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා මේ සම්බන්ධයෙන් උනන්න්දුවක් දක්වන්නන්ට පාඨමාලාව සඳහා සම්බන්ධවීමේ අවස්ථාව හිමිවේ.

"පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව " සෑම ඉරිදා දිනයකදීම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේදී පවත්වන අතර .කැලණිය,කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර ප්‍රමුඛ විශ්වවිද්‍යාල රැසක ආචාරයවරුන්ගෙන් සහ ප්‍රවීණ ජනමාධ්‍යවේදීන්ගෙන් දේශක මණ්ඩලය සමන්විත වන අතර සම්පුර්ණ පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලැබේ.

ඔබ දනටමත් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙක් නම් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සිංහල භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සමග සමත්ව තිබීම පාඨමාලාව සඳහා අයදුම් කිරීමට ප්‍රමාණවත් වේ. එමෙන්ම ඔබ මේ සඳහා කැමැත්තක් දක්වන ආධුනික අයදුම්කරුවෙකු නම් අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව තිබිය යුතු අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව සදහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම හෝ මේ හා සමාන අධ්‍යාපන සුදුසුකම් පැවතීම අත්‍යාවශ්‍ය වේ. තවද මෙම පාඨමාලව සඳහා අයදුම් කිරීමේදී අයදුම්කරුවාගේ වයස් සීමාව අවුරුදු 18-40 ත් අතර විය යුතුය.

විමසීම්

සුරෝෂණ ඉරංග මහතා
පාඨමාලා සම්බන්ධීකාරක

ආචාර්ය ටියුඩර් වීරසිංහ
පාඨමාලා අධ්‍යක්ෂ

අයදුම්පත් එවිය යුතු ලිපිනය
පුවත්පත් කොමසාරිස්
ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 155/15,
කාසල් වීදිය, කොළඹ 08.
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271

ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන දිස්ති‍්‍රක් මට්ටමින් වැඩමුළු හා සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ. ඒ අනුව කාලීන වශයෙන් වැදගත් මාතෘකා තෝරාගෙන දේශන පවත්වනු ලැබේ. මේ වන විට 2009 වසරේ සිට දිස්ති‍්‍රක්ක 16ක පමණ වැඩමුළු පවත්වා ඇත.

පාසල් මාධ්‍යවේදී වැඩමුළු

අ.පො.ස (උ.පෙ) විෂයට නිර්දේශිත සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය හා රසවින්දනය අළලා වැඩමුළු හා සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ. එහිදී අගනුවරින් බැහැර ප‍්‍රදේශවල පාසල්වලට ගොස් සිසුන්ගේ විෂය දැනුම හා අවබෝධය පුළුල් වන ආකාරයට දේශන, සාකච්ඡා පවත්වනු ලැබේ. ඔබ පාසලේ ද වැඩමුළුවක් පැවැත්වීමට අවශ්‍යවේ නම් විදුහල්පතිතුමා මඟින් ඉල්ලීම් කළ හැක.

වෙනත් වැඩමුළු

කාලීන වශයෙන් වැදගත්කමින් යුත් මාතෘකා හඳුනාගෙන වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා ද වැඩමුළු හා සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ. වෙනත් පෞද්ගලික ආයතනවලටද වැඩමුළු පවත්වන ලෙස මණ්ඩලයෙන් ඉල්ලූම් කළ හැක.
Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271