No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271






පුවත්පත්වලට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කිරීම
ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රකාශයට පත්කරනු ලබන කවර හෝ පුවත්පතක යම් පුද්ගලයකු සංවිධානයක් හෝ ආයතනයක් පීඩාවට පත් කරන ආකාරයේ පුවතක් හෝ වාර්තාවක් පළවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කළ හැකිය.
1973 අංක 05 දරන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනත අනුව මෙරට තුළ ප‍්‍රකාශනය කරනු ලබන සියලූම පුවත්පත්, සඟරා, වාර ප‍්‍රකාශන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුය.
සන්නිවේදන විෂය පිළිබඳව විවිධ පාඨමාලා ආරම්භකර තිබුණ ද, පුවත්පත් කලාව පදනම් කරගත් විධිමත් වු ඩිප්ලෝමා පාඨමාලාවක අවශ්‍යතාවය මණ්ඩලය විසින් හඳුනාගෙනල මෙම ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කර ඇත.
පවතින කොවිඩ් -19 රෝග ව්‍යාප්තිය හමුවේ සියලු පුවත්පත් තහවුරු කරන ලද නිවැරැදි මූලාශ්‍ර භාවිත කරමින් වාර්තාකරණයේ යෙදීම අත්‍යවශ්‍ය වේ .ඔබගේ වාර්තාකරණය අන් කිසිවෙකු වෙත සමාජීය හෝ පෞද්ගලික වශයෙන් හානියක් නොවන ආකාරයෙන් සිදු කිරීම මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය හා සමාජ වගකීම ඉටු කිරීමක් ලෙස සලකමු. වාර්තාකරණයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම සංග්‍රහය පිළිපැදීමට කාරුණිකවන්න.
http://sinhala.slpc.lk/images/doc/1981-10-14-Sinhala.pdf
1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනතෙහි විධිවිධානයන්ට අනුව 1973 වර්ෂයේ ජුනි මාසයේ 14 වෙනිදා එවකට පැවති ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භ විය. මෙහි වර්තමාන රේඛිය අමාත්‍යාංශය වනුයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. මේ දක්වා විවිධ යුග වලදී විවිධ අමාත්‍යංශ යටතේ මෙම ආයතනය ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271