egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

වෙනත්

කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නැරඹීමේ අධ්‍යයන චාරිකාව

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවන මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ix වැනි කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නැරඹීමේ අධ්‍යයන චාරිකාවක 2022.10.29 වැනිදා නිරත වූහ. දේශීය සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා අද්විතීය මෙහෙවරක නිරත වූ ගත්කරුවර මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුවත්පත් කලා මෙහෙවර පිළිබඳ පාඨමාලා සිසුන්ට අවබෝධයක් ලබාදීම හා සන්නිවේදන පර්යේෂණ පිළිබඳ සිසුන්ට ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම ද මෙම චාරිකාව සංවිධාන කිරීමේ මූලික අරමුණ විය. පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ උපදේශනය යටතේ සිසුන් විසින් මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ "ඉරුණු කබාය" කෙටි කතාව ඇසුරින් නාට්‍යයක්ද මෙහිදී ඉදිරිපත් කළ අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුවත්පත් කලා මෙහෙවර පිළිබඳ ප්‍රධාන දේශනය සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණි මහත්මිය විසින් කොග්ගල කෞතුකාගාර පරිශ්‍රයේදී පවත්වන ලදි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ජීවන චරිතය හා මෙහෙවර අළලා සැකසුණ "විකුම්සිහවත" කෙටි චිත්‍රපටය නැරඹීමට ද සිසුන්ට මෙහිදී අවස්ථාව හිමිවූ අතර මාර්ටින් වික්‍රමසිංහ භාරය වෙනුවෙන් ජේ. ජයනෙත්ති මහතා විසින් සිසුන්ට දේශනයක් පවත්වන ලදි. මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ පුස්තකාලය වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රකාශන කට්ටලයක් පිරිනැමීම ද පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා අතින් සිදුකෙරිණ. සිසුන් වෙනුවෙන් මෙම චාරිකාවට සම්බන්ධ වී ඔවුන්ව දැනුවත් කිරීමට දායක වූ මහත්ම මහත්මීන්ට මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පළ කර සිටිමු.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271