No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271
"මාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය” පිළිබඳ පාසල් වැඩමුළුව 2020 පෙබරවාරි 27
ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ 2020 වර්ෂය සඳහා වූ ප‍්‍රථම පාසල් වැඩමුළුව පානදුර බාලිකා විද්‍යාලයේදී (2020.02.27) වන දින පැවැත්විණි.
"මාධ්‍ය සාක්ෂරතාවය හා රසවින්දනය” පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා අදාල කලාපය නියෝජනය කරමින් සිසුන් 450 කට ආසන්න ප‍්‍රමාණයක් සභභාගී වූහ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානනද රූපසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රසන්නජිත් අබේසූරීය මහතා යන විද්වතුන් සම්පත් දායකයින් ලෙස මෙදින සහභාගී විය. මෙම වැඩමුළුව දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.
ශී‍්‍රි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව්.වී.ඞී. රංජිත් මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, සහකාර පුවත්පත් කෙමසාරිස් අයේෂ් විජයසිංහ මහතා, ගණකාධිකාරී කුෂාන් දේවපි‍්‍රය මහතා හා අවට පාසල්වල විෂයභාර ගුරුභවතුන් හා ජනමාධ්‍යවේදීන් පිරිසක් මේ සඳහා සහභාගි විය.
වැඩමුළුව අවසානයේ සියළුම සිසුන් වෙනුවෙන් සහතික පත‍්‍රයක් හා ඔවුන් නියෝජනය කළ පාසල් වල පුස්තකාල වෙනුවෙන් වටිනා ප‍්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කරන ලදි.
https://slpc.lk/sinhala/services-sinhala/workshop/school-workshops/2021-04-05-04-25-48#sigProIdf914e7c9f5