No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගැන්වීමේ නියැලෙන ගුරුවරුන් සඳහා වූ සම්මන්ත්‍රණ මාලාව - (මධ්‍යම පළාත)
සංවිධානය : ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කළ මධ්‍යම පළාත් ගුරු පුහුණු වැඩමුළුව 2020.09.25 දින මහනුවර දී පැවැත්විණ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර ජිනදාස මහතා විසින් මෙහිදී දේශන පැවැත්විය. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වන ගුරුවැරුන් රැසක් මෙයට සහභාගි වූ අතර නව විෂය නිර්දේශය පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ,මධ්‍යම පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.ජී. හේරත් බණ්ඩා මහතා , පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, සහකාර කොමසාරිස් අයේශ් විජයසිංහ මහතා, ගණකාධිකාරී කුෂාන් දේවප්‍රිය මහතා ද මෙම වැඩමුළුවට සහභාගි විය.
https://slpc.lk/sinhala/services-sinhala/workshop/other/2021-05-01-16-45-37#sigProId8daaaab84c