egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

මාධ්‍ය වැඩමුළු

ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව 2019 නොවැම්බර් 30

ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව ගම්පහ " Samara Banquet Hall" ආයතනයේදී පසුගියදා ( 2019.11.30) පැවැත්විණි.

"ගැටුම් වාර්තාකරණය හා ජනමාධ්‍යවේදීයාගේ කාර්ය භාරය” යන මාතෘකාව යටතේ පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා ගම්පහ දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් සහභාගි විය.

හොරණ ශී‍්‍ර පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා , කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ට්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන, සංවාද හා සාකච්ඡුා ඇසුරින් පැවැත්විය.

ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත් මහතා, ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ති‍්‍රක් ලේකම් ජේ.ඩබ්. එස්.කිත්සිරි මහතා ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා හා ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය ලේකම්තුමිය සහභාගි විය.
එමෙන්ම සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ මහතා සහ ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ගණකාධීකාරී කුෂාන් දේවපි‍්‍රය මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලීින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තීමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271