egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

මාධ්‍ය වැඩමුළු

අනුරාධපුර දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව 2019 ජුනි 22

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ අනුරාධපුර දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව අනුරාධපුරයේ Creston Park Hotel ආයතනයේදී පසුගියදා ( 2019.06.22 ) පැවැත්විණි.

”ගැටුම් වාර්තාකරණය හා ජනමාධ්‍යවේදීයාගේ කාර්ය භාරය” යන මාතෘකාව යටතේ පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගි විය.

හොරණ ශී‍්‍ර පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා , කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්්ෂ්මන් පියදාස මහතා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන, සංවාද හා සාකච්ජා ඇසුරින් පැවැත්විය.

අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දිස්ති‍්‍රක් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා, ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ මහතා සහ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ගණකාධීකාරී කුෂාන් දේවපි‍්‍රය මහතා ද සහභාගි විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලීන වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තීමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි. ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මාධ්‍ය වැඩමුලු, ප‍්‍රෘදේශීය මාධ්‍යවේදී වැඩමුලු සහ සන්නිවේදනය හා මාධ්‍ය විෂය උගන්වනු ලබන ගුරුවරුන් සඳහා වන වැඩමුලු සඳහා
විමසීම්.

සහකාර පුවත්පත් කොමසාරිස්
අයේශ් විජයසිංහ මහතා - 011-2693271/ 011-2040434

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271