No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටලයක් ප්‍රදානය කිරීමේ අවස්ථාව
ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ලබාදීමේ උත්සවය ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 22 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි . මේ සඳහා විවිධ පළාත් හා විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් සහභාගී වූ අතර මෙම උත්සවය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත්.පී.විජේවීර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරු සහභාගී වුහ.
එමෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් එදින පවත්වන ලද උත්සවයට සමගාමීව තවත් පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමක් 2021 ජනවාරි මස 26 වන දින සිදුකෙරිණි. ඒ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී ය. දිවයිනේ පැතිර යන covid -19 රෝග ව්‍යාප්තිය හමුවේ නොයෙකුත් දුෂ්කරතා මත පසුගිය වැඩසටහනට සභභාගි වීමට නොහැකි වූ පිරිසට මෙහිදී පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කෙරිණි.
https://slpc.lk/sinhala/services-sinhala/special-events/2021-10-11-06-14-59#sigProId9d8de0bd12