egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාව” ග‍්‍රන්ථය එළිදැක්වීම හා "කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර” මැයෙන් පැවැත් වූ රචනා තරගයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය

සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාව” ග‍්‍රන්ථය එළිදැක්වීම හා "කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර” මැයෙන් පැවැත් වූ රචනා තරගයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය.

ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන "සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාව” ග‍්‍රන්ථය එළිදැක්වීම හා "කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර” මැයෙන් පැවැත් වූ රචනා තරගයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය. රාජගිරිය "බැංකු විදුපියස” ශාලාවේදී පසුගියදා (2019.07.10) පැවැත්විණි.

"සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්ද මාලාවේ ඇති වැදගත්කම ” යන මාතෘකාව යටතේ කලා කීර්තී ආචාර්ය එඞ්වින් ආරියදාස මහතා කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර පිළිබඳ දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධීපති මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා සහ "කුමාරතුංග මුනිදාස ගී රසවින්දනය” පිළිබඳව විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා විසින් මෙදින දේශන පවත්වන ලදි.

ගරු ආචාර්ය කැම්ලස් ප‍්‍රනාන්දු පියතුමා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා , මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, සහ ආචාර්ය අසන්තා යූ අත්තනායක මහත්මිය ඇතුන්‍දා විද්වතුන් රුසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.

එසේම ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මුදිත කාරියකරවන මහතා, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික එම්.ඞී. පී. කමාර ධර්මරත්න මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ මහතා සහ ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ගණකාධීකාරී කුෂාන් දේවපි‍්‍රය මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

 

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271