No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271
ජනමාධ්‍ය, සමාජ මාධ්‍යවල ආචාරධර්ම හා නව ප්‍රවණතා
"ජනමාධ්‍ය ,සමාජ මාධ්‍යවල ආචාරධර්ම හා නව ප්‍රවණතා " මැයින් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු සන්නිවේදන කතිකාවත දෙවන වැඩසටහන 2021 පෙබරවාරි මස 16 වනදා පැවැත්විණි.ඒ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දීය. මෙම වැඩසටහනට ප්‍රවීණ ජනමාධ්‍ය විචාරක හා දේශක දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා ද සහභාගී විය. එමෙන්ම මේ සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනාටම ZOOM තාක්ෂණය ඔස්සේ කතිකාවතට සම්බන්ධ වීමේ අවස්ථාව ද හිමිවිය.
මෙරට ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය හා හා ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ආචාරධාර්මික ප්‍රවේශය පිළිබඳ කතිකා විවිධ අවස්ථාවල දී ඇතිවී තිබේ. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආචාර ධර්ම හා නව ප්‍රවණතා පිළිබඳ විද්වත් සාකච්ඡාව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රධානත්වයෙන් පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහ සහකාර පුවත්පත් කොමසාරිස් සුරෝෂණ ඉරංග මහතාගේ සහභාගිත්වයෙන් මාධ්‍යවේදී ගාමිණී කඳපොල මහතාගේ මෙහෙයවීමෙන් සම්පත් දායක දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහ සක්‍රීය ග්‍රාහක පිරිසකගේ සහභාගිත්වය ඇතිව zoom තාක්ෂණය ඔස්සේ සන්නිවේදන කතිකාවේ දෙවන අදියර පැවැත්විණි.
ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයේ නව ප්‍රවණතාවක් ලෙස ඉස්මතු වී ඇති සමාජ මාධ්‍ය පුද්ගල හා සමාජ සුරක්ෂිතතාවය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සමාජ වගකීම් පිළිබඳව කෙරුණු කතිකාවේ සමාලෝචනය ඉදිරිපත් කිරීමට අප අදහස් කළෙමු. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ඉතිහාසය පුරාම ජනමාධ්‍ය කේන්ද්‍රකරගත් ගැටලු රාශියක් දක්නට ලැබුණු අතර මෑත කාලයේ දී ද දැකගත හැකි වන්නේ එවැනි වූ තත්වයකි. මානවයාගේ සෑම ක්‍රියාකාරකමක්ම මූලික කරගනිමින් සිදු වීම මානව හැඟීම් අදහස් ඉදිරිපත් කිරීමට ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් නූතන මානවයා තම ජීවිතවල ඉරණම විසඳා ගනිමින් සිටින ආකාරය දැක ගත හැකි බව කතිකාවට සම්බන්ධ වූ බහුතරයකගේ අදහස විය.
මෙරට ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව කතිකා විවිධ අවස්ථාවල ඇති වී තිබූ අතර වර්තමානයේ ද ඇතිවී තිබේ. මෙම තත්ත්වය මාධ්‍ය පරිශීලකයාට හිතකාමි සංස්කෘතියක් ගොඩනැගීමට හේතු වී තිබේද? කෙතරම් දුරට හේතු වන්නේ දැයි පෙන්වා දීම විද්වත් කතිකාව තවත් එක් අරමුණක් විය.
සමස්ත ජන මාධ්‍ය ක්‍රියාකාරීත්වය හමුවේ බිහිවී ඇති වර්තමාන මාධ්‍ය සංස්කෘතියේ ප්‍රවණතා, විවිධ මානයන් සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීමත් ඒ වෙනුවෙන් නව ප්‍රවේශයක් වෙත ග්‍රාහක පිරිස රැගෙන යාම කෙරෙහි අවධානය යොමු කිරීම මෙම අවස්ථාවට සම්බන්ධ වූ වැඩි පිරිසකගේ අභිප්‍රාය විය.
ප්‍රධාන ජනමාධ්‍ය ධාරාවට එමගින් ඇතිකළ බලපෑම ස්වරූපය සහ සමාජ ක්‍රියාකාරීත්වයේ දිශානතියට මෙන්ම සමාජ ආකෘතිය ගොඩනැංවීමට ද දෙන ලද දායකත්වය සුවිශාල බවත් මේ වෙනුවෙන් පුළුල් සංවාදයක් අපි ගොඩ නැගිය යුතුය වෛරය ප්‍රකාශ පුද්ගල ප්‍රතිරූප වලට හානි සිදු කිරීම අපහාස කිරීම් සමාජ ජාල තුළ පතුරුවන පුද්ගලයන්ට අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ඇති කල යුතු බවත් මෙහිදී මතු විය.
"සමාජ මාධ්‍ය මගින් අදහස් ප්‍රකාශ කිරීමේ දී එය වගකීම් සහගතව සිදු කිරීමට අදාළ පාර්ශවය කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී තාක්ෂණික පැත්තක් තිබෙනවා. සමාජ ජාල යොදා ගනිමින් මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීම සමාජ ජාලා වලින් සිදුවන දෙයක්. පුද්ගලයන් බහුතරයකට තාක්ෂණය පිළිබඳ දැනුම තිබුණත් එය භාවිතා කරන්නේ කෙසේදැයි බොහොමයක් දන්නේ නැහැ. සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ නව මාධ්‍ය වන ජංගම දුරකථනය පරිගණකය මගිනි ජනමාධ්‍යන්ට වඩා වඩා වැඩි වේගයකින් තොරතුරු සම්ප්‍රේෂණය වන නිසා මෙහි ප්‍රතිචාර දැක්වීමත් ඉතාමත් වේගවත්" යැයි පවසමින් මාධ්‍යවේදී ගාමිණී කන්දෙපොල මහතා අදහස් කිහිපයක් එක් කලේය.
සමාජ මාධ්‍යට ආවේණික ගුණාංග හා සැකැස්ම විසින් ලබා දෙන විවෘතභාවයෙහි ප්‍රතිඵලය ධනාත්මක සහ සෘණාත්මක වේ.කතිකාවට සම්බන්ධ වූ අයෙකු පැවසූයේ තමා සමාජ මාධ්‍යක් වන මුහුණු පොත තම නිර්මාණ පාඨකයා අතරට ගෙන යාමට ප්‍රයෝජනයට ගත් බවයි.
ජනමාධ්‍ය ඉතිහාසය තුළ ආචාර ධර්ම කඩ කරපු අවස්ථාව ඇත තාක්ෂණය අධ්‍යාපනය හා ජනමාධ්‍ය වල තිබූ නෂ්ටාවශේෂ අදටත් පවතිනවා මෙරට ජනමාධ්‍ය කලාව යහපත් පල පත් මූණෙන් තමයි 1973 වර්ෂයේදී පුවත්පත් මණ්ඩලය පිහිටුවන්නේ. සත්‍යය නිවැරදි පැහැදිලි සමබර පුවත් වාර්තා කිරීමට මාධ්‍ය වේදියා කටයුතු කළ යුතුයි කෙනකුගේ චරිතය ට පුද්ගල ප්‍රතිරූපයට හානි නොවන ආකාරයට සිදුවීම් වාර්තා කිරීමට මාධ්‍ය වේදියා තම පෑන සහ කැමරාව හැසිරවිය යුතු යැයි මෙම අවස්ථාවට සම්බන්ධ වූ නරේන්ද්‍ර ශ්‍රී රාජපක්ෂ මහතා පැවසීය.
කතිකාවට සම්බන්ධ වූ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා පැවසූයේ මෙවැනි අදහසකි. යහපත් සමාජයක් ගොඩ නැගීමට අපි එක් එක් කාරණයක් අරබයා ගොඩනඟා ගන්නා විවිධ මානයන් කාලයාගේ ඇවෑමෙන් ආචාරධර්ම බවට පත්වෙලා තියෙනවා. මේවා ලිඛිත සහ අලිඛිත විය හැකියි . අප මුලින්ම සන්නිවේදන මාධ්‍ය ලෙස සන්නිවේදන මාධ්‍යයේ ප්‍රාථමික අවශ්‍යතාවය හඳුනා ගත යුතුයි. මා විශ්වාස කරන පරිදි සන්නිවේදනයේ ප්‍රාථමික අවශ්‍යතාව වන්නේ මිනිසුන් අතර සංස්කෘති හා ජාතීන් අතර සහයෝගීතාවය ඇති කිරීම සහ ඇති වුනු ඒකාබද්ධතාවය තව දුරටත් ආරක්ෂා කිරීමයි.අප සමාජ මාධ්‍ය ජලය ලෙස උපකල්පනය කළහොත් ජලයට විෂ වර්ග එකතු කිරීමෙන් පුද්ගලයා විවිධ රෝගාබාධ වලට ලක්වෙනවා වගේ ජලයට ඖෂධ එකතු කළොත් පුද්ගලයා නිරෝගී භාවයට පත් වෙනවා . සමාජ මාධ්‍යයත් එයට සමාන කළ හැකි වන්නේ ඒ නිසා .සමාජ මාධ්‍ය තුළ සිදු කරන අකටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මැදිහත්කරුවන් හෝ අධීක්ෂණය කරන ක්‍රමවේදයක් ලංකාවේ දැනට නැහැ. සමාජ මාධ්‍ය ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකියි.ඕනෑම කෙනෙකුට එහි පාර්ශවකරුවකු බවට පත්විය හැකියි.
මෙහිදී සහකාර පුවත්පත් කොමසාරිස් සුරෝෂන ඉරංග මහතා ද මෙහිදී අදහස් කිහිපයක් එක් කලේය . සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාව තුළ නීති ගත වෙලා නැහැ . නමුත් ගෝලීය තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් දියුණු මට්ටමක පවතිනවා.ඔවුන් සමාජ මාධ්‍ය නියාමනය සිදු කරන විධිමත් යාන්ත්‍රණ දාගෙන තිබෙනවා. අපේ රටටත් ඒවා ආදර්ශයට ගෙන ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරගත හැකියි. සමාජ මාධ්‍ය අන්තර්ගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආයතන වලට වගකීම් පැවරීම ප්‍රංශය හා ජර්මනිය රටවල දැකගත හැකියි. නමුත් තුන්වන ලෝකයේ රටවල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් .පරිශීලකයාට වගකීම පවරා තිබෙනවා. ඇතැම් රටවල මේ අතරමැදි ක්‍රමය භාවිතා කරනවා. ඕස්ට්‍රේලියාව එයට උදාහරණයක්.
පශ්චාත් නූතනවාදය හේතුකොට ගෙන සමාජ මාධ්‍ය බිහි වූ අතර ඒ අනූව සමාජ මාධ්‍ය නැමැති භාවිතය ඇති වී තිබේ .යුරෝපයේ මිනිසුන් සමාජ මාධ්‍ය භාවිතය නිවැරදව හදුනාගෙන ඇති නිසා ඒ රටවල් තුළ ගැටලු ඇති වී නැත .තුන්වන ලෝකයේ රටවල මෙය භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු වන්නේ පුද්ගලයාගේ සැබෑ ගති ලක්ෂණ සමාජ මාධ්‍ය මගින් පිලිබිඹු වීමයි .මෙහි ගැටලුව තිබෙන්නේ සමාජ මාධ්‍යයෙහි නොව එය භාවිතා කරන තුන්වන ලෝකයේ පරිශීලකයන් නිසාය . මෙය කෙනෙකුගේ අදහස විය.
මෙය අඩු වැඩි වශයෙන් ලෝකය තුළ විසරනය වන ක්‍රියාවලියක් බවත් පෙර තිබූ තත්වයන් අභියෝගයට ලක් කරමින් නව මානයන් බිහිවීම හා සමාජ ආර්ථික සහ දේශපාලන ක්ෂෙත්‍ර මාධ්‍ය වෙතට සුසංයෝජනය වීම සිදුවන බවත් සාකච්ඡාවට සම්බන්ධ වූ අයෙකු තවදුරටත් පැවසීය. මෙහිදී වුර්තීයභාවයකින් තොරව සිදුවන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට සමාජ සංවිධානවලට මෙන්ම සමාජයට ප්‍රබල බලපෑමක් ඇති කරයි ඒ තුළින් සමාජ සංහිදියාව වෙනුවට සමාජ වෛරය පුද්ගල ප්‍රතිරූප වලට හානි සිදු කිරීම මෙන්ම සමාජ ආර්ථිකය බිඳ දැමීමට ද මෙය හේතු වන අවස්ථා අප සමාජය තුළින්ම නිරූපණය වන බව ඔවුන්ගේ ගේ අදහස විය.
පුද්ගලයා යනු සමාජ පද්ධතියෙහි ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා සහ ඔහු වටා ගොඩනැගෙන සියලු කාරණා ඔහුගේ මානසික පැවැත්මට බලපාන අතර සමාජ මාධ්‍ය තුලින් එය සමාජ කාරණා බවට ද පරිවර්තනය වීම වර්තමානයේ දැකගත හැකි සුවිශාල ගැටලුවකි.
සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය පරිශීලකයා වගකීම් රහිතව එහි හැසිරුණත් වෘතීය මාධ්‍යවේදියා සමාජ මාධ්‍ය භාවිතයේ දී ආචාර ධර්මීය පදනම සමාජ ප්‍රවර්ධනය සඳහා ගුණාත්මක හැසිරීම යන කාරණා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සත්‍යවාදී බව වගකිවයුතු බව මෙන්ම හානිය අවම කිරීම යන කාරණා කෙරෙහි වෘත්තීය මාධ්‍යවේදියා සැලකිලිමත් විය යුතු බව සාකච්චාවට සම්බන්ද වූ ප්‍රවීණ දේශක දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
තොරතුරු ලෝකයක ජීවත්වන ජනතාව පසුපස හඹා යෑම නතර කර නොහැකිය. ජනමාධ්‍ය තුළ පවතින තරගකාරීත්වය නිසා සත්‍යවාදී බව ගිලිහෙන විට සමාජ අනුකලනය සහ විශ්වාසනීයත්වය බිඳ වැටීම ඉබේම සිදුවන අතර සමාජ මාධ්‍ය තුළ ආචාර ධර්ම ස්ථාපනය කිරීමේ වැදගත්කම කතිකාව තුළින් ඉස්මතු කිරීමට ගත් ප්‍රයත්න සාර්ථක වූ බව සදහන් කල හැකිය .