egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

කොවිඩ් වසංගතය හමුවේ සාහිත්ය කලාවේ භුමිකාව

ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සාහිත්ය කලාව ,රසවින්දනය පුළුල් කිරීම සහ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ප්‍රචලිත කිරීමේ අභිලාෂයෙන් පවත්වනු ලබන සන්නිවේදන කතිකාවතේ මේ වසරේ පළමු වැඩසටහන 2020 පෙබරවාරි මස 03 දින ශ්රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්රවණා ගාරයේදී පවත්වන ලදී. දිවයිනේ පැතිර යන covid - 19 වසංගත තත්වය හමුවේ මහජන එකරාශීවීම් අවම කළයුතු බැවින් ZOOM තාක්ෂණය යොදාගනිමින් වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබිණි

"කොවිඩ් වසංගතය හමුවේ සාහිත්ය කලාවේ භුමිකාව " මැයින් මෙවර සංවාදය පැවැත්විණි . මෙම අවස්ථාව සඳහා ප්රවීණ රචක චම්මින්ද වෙලගෙදර මහතා සහභාගී වූ අතර වැඩසටහන මෙහෙයවන ලද්දේ මාධ්යවේදී ගාමිණි කන්දෙපොල මහතා විසිනි. මෙම වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන පිරිසට Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වීමට ද අවස්ථාව සැලසිණ. පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවති සංවාදශීලී කතිකාවත අවසන් වූයේ තවත් දෙසතියකින් හමුවීමේ බලාපොරොත්තුව ද සහිතවය. Zoom තාක්ෂණය ඔස්සේ පැවති මෙම සන්නිවේදන කතිකාවත වැඩසටහනට සහභාගී වූ සියල්ලන්ටම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ස්තුතිය පුද කර සිටිමු .

ශ්‍රී ලාංකේය සමාජය තුළ කොවිඩ් වසංගතය හමුවේ "සාහිත්‍ය කලාවේ භූමිකාව සහ හෙට දවස" පිළිබඳ විද්වත් සාකච්ඡාව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රධානත්වයෙන් පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහභාගිත්වයෙන් , මාධ්‍යවේදී ගාමිණී කන්දෙපොල මහතාගේ මෙහෙයවීමෙන්, ලේඛක සහ විචාරක චම්මින්ද වෙලගෙදර මහතාගේ සහ සහ විශාල පිරිසකගේ සහභාගිත්වය ඇතිව zoom තාක්ෂණය ඔස්සේ සන්නිවේදන කතිකාවේ පළමු අදියර පැවැත්විණි .

කොවිඩ් වසංගතය හමුවේ කලාවේ හෙට දවස සහ භූමිකාවේ ඉරණම කෙසේ විසඳිය යුතු ද යන්න සමාජය චින්තනයත්, භාවිතයත් තර්කානුකූලව දෝලනය කරමින් එදා පැවැති කතිකාවේ සමාලෝචනය ඉදිරිපත් කිරීමට අප අදහස් කළෙමු. කලා කෘතියක් සාරභූත වීමට නිර්මාපකයාගේ මනස තුළ පවත්නා භාවයන් බලපායි. නිර්මාණකරුවකුගේ මෙම තත්ත්වය වර්ධනය වීමට අවශ්‍ය නිදහස මේ කාලවකවානුව තුළ නිර්මාණය කරමින් සැබැවින්ම මෙම ව්‍යාකූල තත්ත්වය තුළ කාලය ප්‍රයෝජනයට ගත් පිරිසක් ද අප සමාජය තුළ වෙසෙයි. මෙම කාල වකවානුව ප්‍රයෝජනයට ගනිමින් පෙර නොවූ විරූ කලාකෘති නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම ඔවුන් නිර්මාණය කර ගනිමින් කටයුතු කරන ආකාරය දැකගත හැකි වීම වඩා හොඳ තත්ත්වයකි.

කලාව වර්ධනය වූයේ සමාජ චලනයත් සමඟය. ඇතැම් අවස්ථාවල උපදින කලා නිර්මාණයන්ට ප්‍රස්තුතය වී තිබෙන්නේ මිනිසා සහ ඔවුන්ගේ පීඩිත භාවයන් සහ ව්‍යාකූලතාව වේ . කාර්යබහුල ජීවිතයක් ගෙවූ පුද්ගලයාට අද හුදකලාභාවයේ සිට තමන් විනිවිද දකිමින් නිර්මාණ සිදු කිරීමේ අවකාශය පුළුල් කර ඇත. මේ ඇතිවන නියුරෝෂීය තත්ත්වය පුද්ගල යහපතට මිස අයහපතට හේතු වී නැත. එදා රුසියානු, ඉන්දියානු, ප්‍රංශ.... ආදී සාහිත්‍ය කෘති නිර්මාණය කිරීමට මෙකී සාධක පදනම් වූ බව සාකච්ඡාවට සම්බන්ධ වූ ඇතැම් අයගේ අදහස විය.

අසීමිත නිදහසකින් තම සිතුවිලි මෙහෙයවිය හැකි අවකාශයක් වර්තමානයේ නිර්මාණය වී තිබේ. විශාල පරිකල්පනයක් විශිෂ්ට සාහිත්‍ය රසයක් ගැබ් වූ නිර්මාණ බිහිවීමේ වඩා වැඩි වපසරියක් නිර්මාණය වී තිබෙන කාල වකවානුවක් ලෙස මේ කාලපරිච්ඡේදය ඔවුන් අර්ථකථනය කරන්නේ ඒ නිසාය. ගත වූ කාලයේ දී ජීවිතයේ මගහැරුණු නොයෙක් අවස්ථා යටපත් වූ සිතුවිලි, හැඟීම් යළි උද්දීපනය කරමින් නව කලා කෘති නිර්මාණයට ප්‍රවිශ්ට වීමට මෙම කාලය අවස්ථාවක් කරගත් පිරිස බොහෝය. තම අත්දැකීම්, සිතුවිලි, හැඟීම් මෙන්ම නොයෙක් විද්‍යාත්මක දේ පවා ඉතාමත් රසවත් ලෙස පාඨක සහෘදයන් වෙත පිරිනැමීමට මෙන්ම පාඨකයා වෙත නැවුම් අත්දැකීම් පිරිනැමීමට මෙම කාල සීමාව යොදාගත හැකි බව ඔවුනගේ අදහසයි.

විශේෂයෙන්ම පාඨකයාගේ රසවින්දනය නවමු අත්දැකීමක් කරා රැගෙන යාමේ සමාජ සත්කාර මය මැදිහත්වීම සිදු කිරීමට කලාකරුවා මෙය හොඳ අවස්ථාවක් කරගත යුතු බවත් කොවිඩ් වසංගතයෙන් බැට කන ලෝකය,රට විවෘත වන තෙක් නොසිට කලාකරුවා මේ කාලසීමාව උපරිම ප්‍රයෝජනයට ගත යුතු බව සාකච්ඡාවට සම්බන්ධ වූ ඇතමෙකු පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ කලාකරුවන්ට නිවෙස් වලට කොටු වී සිටීමට සිදු වීම සුපුරුදු දෛනික ජීවිතයෙන් මිදී තම නිවැසියන් සමග ගැටෙන්නට කාලය අවකාශය ඉඩහසර වෙන් වීම මෙහි තවත් එක් ප්‍රතිඵලයකි. මෙම වෛරසය නිසා මෙතෙක් කාලයක් නිවෙස් වලින් දුරස් වී සිටීම නිසා කොතරම් නම් දේවල් තම ජීවිතයෙන් මග හැරී ඇත්දැයි වටහා ගන්නට මිනිසාට හොඳ අවස්ථාවක් දැන් ලැබී ඇති බවත් අප ජීවිතයේ මුහුණ දුන් විශාල අත්දැකීමක් ලෙස මෙම කාල පරිච්ඡේදය අර්ථකථනය කිරීම සාධාරණ බවත් ඇතැම් අය පැවසීය . අප මින් පෙර විවිධ වසංගත වලට මුහුණ දුන්න ද මෙවැනි අසීරු අත්දැකීමක් ලබා තිබුනේ නැත. මීට පෙරත් ලෝකයේ විවිධ රටවලත්, අප රටේත් වසංගත තත්වයන් ඇති වූවත් එක් අතකින් අප මානව වර්ගයාගේ ජීවිතයේ නොයෙක් තැන් වෙනස් වීමටත් වෙනස්, කිරීමටත් මෙම කාලසීමාව හේතු වූ බව සාකච්ඡාවට සම්බන්ධ වූ බහුතරයකගේ අදහස විය.

මිනිසාට ස්වභාවධර්මයට යට වීමට සිදු විය . එය තවත් ආකාරයකින් අර්ථකථනය කළ හොත් ස්වභාවධර්මය අපව නතු කර ගත්තා යැයි පැවසුවොත් නිවැරදිය. කලාකරුවන්ගේ වාන් නොදැමූ ඇතැම් සිතුවිලි ජනතාව වෙත රැගෙන යාමට මේ කාලයේ උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් බවත් තවදුරටත් නිර්මාණකරණයෙහි යෙදෙන බවත් ඇතැම් කලාකරුවන් පැවසීය.

තමන්ට අතපසු වූ මතවාදයක පිහිටමින් පුද්ගල විඥානයට ප්‍රබල බලපෑමක් කළ හැකි සාර්ථක නිර්මාණ සිදු කිරීමට ලැබුණු අවස්ථාවක් බව ප්‍රත්‍යක්ෂ කළ පිරිසක් ද දැක ගත හැකි බව බොහෝ පිරිසකගේ මතය විය.

කළාකරුවාගේ දැඩි කැපවීම කොතරම් දුරට නිර්මාණයක සාර්ථකත්වයට හේතු වන්නේ දැයි මෙම විද්වත් සාකච්ඡාව තුළින් ප්‍රත්‍යක්ෂ විය . සිරවී තිබූ චිත්තවේගීය බුද්ධිය කාලානුරූපීව හැසිරවීමට කලාකරුවට ලබාදුන් මද විරාමයක් ලෙස ඇතැමුන් මේ කාලය පෙන්වා දෙයි. නව අභියෝගයකට මුහුණ දුන් ලෝකයේ රටක් ලෙස කලාවට නව හැඩයක් නව මානයක් ලබාදී, ලබා දෙමින් ජනයා මේ කාල පරිච්ඡේදයට හැඩ ගැසෙන ආකාරය දැකගත හැකිය. ඉතා කුඩා පර්ෂද තුළ කෙරෙන සාකච්ඡාවකට සීමා නොවී සමූහයක් සමඟ පළමු පියවරේ දී ම විදග්ධ කතිකාවක් පැවැත්වීමට හැකි වීම හොඳ ප්‍රවණතාවයකි.

 

Image