egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

පාසල් වැඩමුළු

බිබිල අධ්‍යාපන කලාපයේ උසස් පෙළ සිසුන් සඳහා පැවැත්වූ වැඩමුළුව

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය බිබිල අධ්‍යාපන කලාපයේ උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සිසුන් වෙනුවෙන් සංවිධාන කළ පාසල් මාධ්‍ය වැඩමුළුව බිබිල යශෝධරා බාලිකා ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී 2026.07.14 දින පැවැත්වුණි. මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර මහතාගේ සහ පුවත්පත් කොමසාරිස් ආචාර්ය නිරෝෂණ තඹවිට මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම වැඩමුළුව සංවිධාන කෙරිණ. වැඩමුළුවේ සම්පත්දායක විද්වතුන් ලෙස මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත් මහත්මිය, සහකාර පුවත්පත් කොමසාරිස් සුරෝෂන ඉරංග මහතා, ඉංග්‍රීසි ප්‍රවෘත්ති විමර්ශන නිලධාරී නීතීඥ චතුෂි විදුෂිකා මෙනවිය, සිංහල ප්‍රවෘත්ති විමර්ශන නිලධාරී ඉෂංගා සතුරුසිංහ මෙනවිය හා දෙමළ ප්‍රවෘත්ති විමර්ශන නිලධාරී එම්. දුලබරාණි මහත්මිය සහභාගි වූහ. දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන පාසල් සිසුන්ට ලබාදීම සඳහා මණ්ඩලයේ පරිගත්‍යාගයක් ලෙස පාසල් උපකරණ කට්ටල පාසලේ විදුහල්පතිනි එස්.එම්. හිමාලි සමන් කුමාරි මහත්මිය වෙත පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණ. සන්නිවේදන විෂයභාර ආචාර්ය ප්‍රසන්න විමලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම වැඩමුළුව සඳහා මණ්ඩලයේ ගණකාධිකාරී වෙනුර සංකල්ප, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරුදැරියන් සහ ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. 

   

 

 

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271