egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

මාධ්‍ය වැඩමුළු

පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව


ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කළ අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව අනුරාධපුර ජාතික පසු අස්වනු තාක්ෂණ ආයතනයේදී 2025.01.25 වැනිදා පැවැත් වුණි.
" යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය " මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වී සිටියහ.  
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවේදී මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා ප්‍රධාන දේශන පැවැත්වූූ අතර වැඩසටහන සංවාද සහ සාකච්ඡා ඇසුරින් පැවැත්විණි.
ජනමාධ්‍යවේදියා යනු ප්‍රබුද්ධ සමාජයේ කොටසක් බවත් එහි මානසික හා වෘත්තිමය ක්‍රියාවලියක කොටසක් ලෙස මාධ්‍යවේදියා විසින් වගකීම් ඉටු කළ යුතු බවත් 'ජනමාධ්‍යවේදියාගේ වගකීම හා එහි වැදගත්කම' යන මැයෙන් සිය දේශනය ඉදිරිපත් කළ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසීය. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මාධ්‍යවේදියකු වශයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළහ.
'යහපත් සමාජයක් ගොඩනැගීමෙහිලා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය' යන මැයෙන් පැවැත් වූ දේශනයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා පැවසුවේ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම සඳහා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය තුළ ඉහළ වගකීමක් පවතින බවයි.
කාලීන වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි වැඩමුළු පැවැත්වීම තම වෘත්තීය කටයුතුවලට මහත් ප්‍රයෝජනවත් බව වැඩමුළුවට සහභාගී වූ මාධ්‍යවේදීහු ප්‍රකාශ කළහ.
වැඩමුළුව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහ සහකාර පුවත්පත් කොමසාරිස් සුරෝෂන ඉරංග මහතා ඇතුළු පිරිස සහභාගි විය. 

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271