egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 10 වන කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් මෙහෙයවනු ලැබූ මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 10 වන කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ සහභාගිත්වයෙන් 2025.08.02 වැනිදා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත්විණි. මෙහි මුඛ්‍ය දේශනය “සන්නිවේදන නව ප්‍රවණතා හමුවේ මාධ්‍ය අධ්‍යාපනයේ වැදගත්කම” මැයෙන් සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා විසින් පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, පුවත්පත් මණ්ඩලයේ වත්මන් හා හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, මණ්ඩලයේ සභාපති, පුවත්පත් කොමසාරිස් ඇතුළු මණ්ඩලයේ නිලධාරීන්, ඩිප්ලෝමාලාභීන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

 

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271