slpc.lk

ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව - යාපනය දිස්ති‍්‍රක්කය

ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව - යාපනය දිස්ති‍්‍රක්කය

IMG 6254ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ යාපනය දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව උතුරු පලාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී පසුගියදා (2016/03/26) පැවත්වුණිි.

ර්‍ණ ජාතික සමගිය උදෙසා මාධ්‍ය භාවිතය” නමින් පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා යාපනය දිස්ති‍්‍රක්කයේ මුුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන සියලූම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්, යාපනය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය විශේෂවේදී උපාධිය හදාරණ සිසුන් හා පුවත්පත් අළෙවි නියෝජිතයින් පිරිසක් සහභාගි විය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමීනාදන් විමල් මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. තිලෙයිනාදන් මහතා එදින දේශන මෙහෙයවන ලදි.

මෙම වැඩමුළුවේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය යාපනය ර්‍ණග‍්‍රීන් ග‍්‍රාස්” හෝටලයේ පැවැත්වුණු අතර ඒ සඳහා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා, එම අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු විජයකලා මහේෂ්වරන් මැතිණිිය, පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය සහ පුවත්පත් මණ්ඩලයේ වැඩබලන පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රුසක් සහභාගි විය.

IMG 6267

IMG 6274

IMG 6324

Read 827 times